විදුලි පැමිණිලි අංශය – කටාන ප්‍රාදේශීය සභාව

වීදි ලාම්පු පිළිබඳ ඔබගේ පැමිණිලි යොමු කිරීම සඳහා පැමිණීම අත්‍යවශ්‍ය නොවේ.

  • පහත සඳහන් පහසු ක්‍රමවේදයක් භාවිත කොට නම, දුරකථන අංකය, ග්‍රාමසේවා වසම හා මාර්ග විස්තරය සහිත පැමිණිල්ල අප වෙත යොමු කරන්න.
  • පැමිණිල්ල සම්බන්ධ කෙටි පණිවිඩ ඔබ වෙත ලැබෙන අතර වෙනත් ගැටලුවක් වෙතොත් දුරකථනය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
  • දැනට වීදි ලාම්පු නොමැති ස්ථානයක් සඳහා වීදි ලාම්පුවක් අලුතෙන් ම සවි කර ගැනීමට අවශ්‍ය වූ විටෙක ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා/තුමියට ඒ පිළිබඳ දැනුම් දී එමගින්ප්‍රාදේශීය සභාවට ලිඛිතව ලබා දීමට කටයුතු කරන්න.පැමිණිලි යොමු කළ හැකි ආකාරය

පැමිණ                                      පෙරටු කාර්යාලය,  මහජන පැමිණිලි අංශය

දුරකථන මාර්ගයෙන්             0312222575

ඊමේල්                                      katanasabha@gmail.com

ෆැක්ස්                                       0312231631

වීදි ලාම්පු පිළිසකර කර ගැනීම

⇓

අක්‍රිය වූ වීදි ලාම්පුව පිළිබඳ පැමිණිල්ල ප්‍රාදේශිය සභා පෙරටු කාර්යාලය වෙත දැනුම් දීම. (මාර්ග විස්තරය, ග්‍රාමසේවා වසම හා දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.)

⇓

අක්‍රිය වූ වීදි ලාම්පුව පිළිබඳ පැමිණිල්ල පුරනැගුම මෘදුකාංගයට ඇතුළත් කිරීම හා ග්‍රාමසේවා වසමට අදාළ ක්ෂේත්‍ර විදුලි කාර්මිකවරයා සඳහන් කොට ලේකම්තුමා/තුමිය වෙත භාරදීම. (මෙහිදී පැමිණිලි පාර්ශවයට පැමිණිලි අංකයත් අදාළ විදුලි කාර්මිකවරයාට පැමිණිල්ලත් ලැබෙන සේ කෙටි පණිවිඩයක් යැවෙනු ඇත.)

වගකීම- පෙරටු කාර්යාලය                       කාලය- විනාඩි 15

⇓

ලේකම්තුමා/තුමිය ස්වකීය නිර්දේශය සහිත පැමිණිල්ල විදුලි අංශය වෙත යොමු කිරීම.

වගකීම- ලේකම්තුමා/තුමිය                      කාලය- විනාඩි 10

⇓

විදුලි අංශය මගින් අදාළ වීදි ලාම්පුව පිළිසකර කිරීම.

වගකීම- ක්ෂේත්‍ර විදුලි කාර්මික                  කාලය- දින 02-07 අතර

⇓

ක්ෂේත්‍ර විදුලි කාර්මික විසින් සක්‍රිය කරන ලද වීදි ලාම්පුව පිළිබඳ ස්වකීය සටහන පෙරටුකාර්යාලයේ විදුලි පැමිණිලි ගොනුවට ඇතුළත් කිරීම.

වගකීම- ක්ෂේත්‍ර විදුලි කාර්මික                  කාලය- දින 01

⇓

අදාළ පැමිණිල්ල විසඳුණු බවට පුරනැගුම මෘදුකාංගය වෙත ඇතුළත් කිරීම හා පැමිණිලි පාර්ශවය වෙත කෙටි පණිවිඩයක් මගින් එය දැනුම් දීම.

වගකීම- පෙරටු කාර්යාලය                       කාලය- විනාඩි 10

⇓

පැමිණිල්ලේ නිමාව