දරුවකු පෙර පාසලට ඇතුළත් කර ගැනීමේ පිළිවෙළ.

සෑම අවුරුද්දකම අගෝස්තු දෙවන සතියේ අයදුම් පත් නිකුත් කෙරේ.

මව පියා පැමිණ අයදුම්පත් ලබා ගැනිම කළ යුතුය. (මව හෝ පියාගේ පැමිණීම අනිවාර්ය වේ).

බඳවා ගැනිමේ පදනම :-

      • ස්ථිර පදංචිය.
      • කටාන ප්‍රාදේශීය සභාවට අයත් විම.
      • අඩු ආදායම්ලාභී.
      • ආදිශිෂ්‍ය පදනම මත.‍
      • නේවාසික අය බඳවා ගනු ලබන්නේ ප්‍රධාන කරුණු සපුරා ඇති අය බඳවා ගැනිමෙන් පසුවයි.

සම්මුඛ පරීක්ෂණය සඳහා නැවත ලිපියකින් දැනුම් දිම සිදු කෙරේ.

එදින පැමිණෙන විට ,

      • දරුවාගේ උප්පැන්න සහතිකය.
      • දෙමාපියන්ගේ කසාද සහතිකය.
      • හැඳුම්පත්.
      • ග්‍රාම නිළධාරි සහතිකය.
      • අඩු ආදායම් ලාභියකු නම් සමෘද්ධි කාඩ්පත.
      • නේවාසික නම් එම ස්ථානය අයිතිකරුගේ ලිපිය.
      • දරුවාගේ බර සටහන් කාඩ්පත.

සම්මුක පරික්ෂණයෙන් තෝරාගත් අය සඳහා නැවත ලිපියකින් දැනුම් දිම සිදු කෙරේ.

එදිනට පැමිණෙන විට සම්මුඛ පරිකෂණයෙදි රැගෙන ආ ලියකියවිලිවල පිටපත් පාසැල් ගුරුතුමියට භාර දිය යුතුය.

එදින පෙර පාසල පටන් ගන්නා දිනය හා අවශ්‍ය දේ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරිම සිදුකෙරේ