සංස්ථාපනය
1988/01/01 දින කටාන ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කොට ඇත.
1987/12/23 දිනැති අංක 485/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් නිවේදනය කර ඇති පරිදි 0188/01/01 දින සංස්ථාපිත කටාන ප්‍රාදේශීය සභාව තෝරා පත් කොටගත් සභාපතිවරයෙකු උප සභාපතිවරයෙකු සහ සභිකවරු 20 දෙනෙකුගෙන් සමන්විත වන බව නිවේදනය කර ඇත.
කටාන ප්‍රාදේශීය සභා සංස්ථාපනය හා පරිපාලන සීමා
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 2වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් සහ 4වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස වන මම, මෙම නියමයෙන්
-
- මෙම උපලේඛනයේ 1වන කොටසේ විස්තර කරන ලද ප්‍රදේශය එකී පනතේ කාර්යය සඳහා ප්‍රාදේශීය සභා ප්‍රදේශයක් විය යුතු යැයි ප්‍රකාශ කරමි.
- එම උපලේඛනයේ 2වන කොටසේ දක්වා ඇති සීමා ප්‍රාදේශිය සභා ප්‍රදේශයේ පරිපාලන සීමා ලෙස නියම කරමි.
- මෙම නියමයේ 1වන ඡේදය යටතේ ප්‍රකාශයට පත් කරන ප්‍රාදේශීය සභා ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය සභාවක් ස්ථාපනය කොට ඒ ප්‍රාදේශීය සභාවට පහත සඳහන් නම පවරමි.
‘’කටාන ප්‍රාදේශීය සභාව’’
-
- කටාන ප්‍රාදේශීය සභාව සභාපතිවරයෙකු උපසභාපතිවරයෙකු සහ තවත් තෝරා පත් කර ගත් සභිකයන් විසිදෙනෙකුගෙන් සමන්විත විය යුතු යැයි නියම කරමි.
ආර්. ප්‍රේමදාස
පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය
1987 මැයි මස 11දින
බත්තරමුල්ලේ දී ය.
උප ලේඛනය
1වන කොටස
පහත සඳහන් ග්‍රාම නිලධාරී කොට්ඨාසවලින් සමන්විත භූමි ප්‍රදේශය
(63) කටාන නැගෙනහිර, (64) කටාන බටහිර (65) බම්බුකුලිය (67) උඩංගාව (68) ඇත්ගාල (69) වැලිහේන (කොටසක්), (70) කඳවල, (71) තිඹිරිගස්කටුව, (92) කිඹුලාපිටිය, (93) කොන්දගම්මුල්ල, (93/ඒ) කදිරාණ උතුර, (94) කළුවාරිප්පුව බටහිර, (149/150) ඇවරිවත්ත (කොටසක්), (151) කෝවින්න, (152) මඩවල, (153) හීනටියන, (154)දැවමොට්ටාව, (155) ආඬිඅම්බලම, (161) මහ හුණුපිටිය, (197) උදම්මිට, (198) අලවතුපිටිය, (199) රද්දොළුව, (200/201) තැම්පල, (202) කුස්වල, (203) ගණේපොළ, (204) කොටුගොඩ.
11වන කොටස
ප්‍රාදේශීය සභාවේ පරිපාලන සීමා
උතුරට- වයඹ සහ බස්නාහිර පළාත් වෙන්වන මායිම වූ මහ ඔයේ මධ්‍ය රේඛාව සහ බටපත්තල ඇළේ මධ්‍ය රේඛාව එකිනෙක කැපෙන ලක්ෂය ආරම්භක ලක්ෂය ලෙස ගෙන ඇත. ආරම්භක ලක්ෂයේ සිට මහඔය මධ්‍ය රේඛාව දිගේ නැගෙනහිර දිශාවට මීටර් 10700ක් පමණ ගිය විට මහ ඔය මධ්‍ය රේඛාව කටාන මංකඩ පාර හමුවන ලක්ෂය දක්වා.
නැගෙනහිරට- එතැන් සිට කටාන මංකඩ පාරේ නැගෙනහිර මායිම ඔස්සේ කොච්චිකඩේ- මඩම්පැල්ල පාර දක්වා මීටර් 400ක් පමණද කොච්චිකඩේ – මඩම්පැල්ල පාරේ නැගෙනහිර ඔස්සේ මීටර් 50ක් පමණ නැගෙනහිර දිශාවට ඇති සිව්මංසන්ධිය දක්වා ද එතැන් සිට ජුබිලි මාවතේ නැගෙනහිර මායිම දිගේ මීටර් 700ක් පමණ ගිය විට ඇති බදුවත්ත හන්දිය දක්වා ද එතැන් සිට මීගමුව ගිරිවුල්ල මාර්ගයේ උතුරු මායිම දිගේ මීගමුව දිශාවට මීටර් 1420ක් පමණ ගිය විට හමුවන කටාන-දිවුලපිටිය මායිම් පාර දක්වා ද එතැන් සිට කටාන-දිවුලපිටිය මායිම් පාරේ නැගෙනහිර ඔස්සේ මීටර් 500ක් පමණ ගොස් හමුවන ගම්සභා හන්දිය-මිරිස්වත්ත පාර දක්වා ද එතැන්සිට ගම්සභා හන්දිය-මිරිස්වත්ත පාරේ නැගෙනහිර මායිම ඔස්සේ මීටර් 1800ක් පමණ ගොස් මිරිස්වත්ත හන්දිය දක්වා ද එතැන් සිට මීගමුව-මීරිගම පාරේ උතුරු මායිම ඔස්සේ මීරිගම දිසාවට මීටර් 100ක් පමණ ගිය විට හමුවන දාගොන්න දක්වා වැටී ඇති පාර හා හමුවන හන්දිය දක්වා ද එතැන් සිට දකුණු දිශාවට ඇති මහා මාර්ගයේ නැගෙනහිර මායිම ඔස්සේ මීටර් 2400ක් පමණ ගොස් මීගමුව-අළුතැපොල පාර හමුවන තෙක් ද එතැන් සිට දකුණු දිශාවට ඇති මහා මාර්ගයේ නැගෙනහිර මායිම ඔස්සේ මීටර් 1000ක් පමණ ගිය විට ඇති එම මාර්ගය වල්පොල හා මිණුවන්ගොඩට යාමට බෙදී යන මංසන්ධිය දක්වා ද එතැන් සිට වල්පොල මාර්ගයේ නැගෙනහිර මායිම ඔස්සේ දූනගහ පත්තු සහ රාගම් පත්තු මායිම හමුවන තෙක් මීටර් 500ක් පමණ ද එතැන් සිට එම පත්තු මායිම ඔස්සේ නැගෙනහිර දිශාවට මීටර් 800ක් පමණ ගිය විට ඇති මහයාය වත්තේ මායිම හමුවන තෙක් ද ඉන්පසු එම මහයාය වත්තේ බටහිර දකුණු මායිම ඔස්සේ මීටර් 800ක් පමණ අලුතැපොල මිණුවන්ගොඩ පාර දක්වා ද එතැන් සිට එම පාර හරහා ගොස් මහයාය වත්තේ දකුණු මායිම ඔස්සේ දවටගහවත්ත තෙක් නැගෙනහිර දෙසට මීටර් 98ක් ද එතැන් සිට දවටගහ වත්තේ දකුණු බටහිර මායිම ඔස්සේ මීටර් 175ක් පමණ නැගෙනහිරට ගොස් වෙල්යාය හමුවන ස්ථානයට වැටේ. එතැන් සිට නැවත වෙල්යාය මායිම ඔස්සේ මීටර් 300ක් පමණ නැගෙනහිර දිශාවට ගොස් දූනගහ පත්තුව හා රාගම පත්තුව යන පත්තු මායිම හමුවන ස්ථානයෙදී නැවත පත්තු මායිම ඔස්සේ මීටර් 280ක් පමණ ගිය විට හමුවන දාසිය පත්තු තුනෙන් මායිම් එකට හමුවන ස්ථානයටද ඉන්පසු එතැන්සිට රාගම්පත්තු සහ දාසිය පත්තු මායිම් දිගේ දකුණු බටහිර දිශාවට මීටර් 3200ක් පමණ ගොස් එතැන් සිට දකුණු දිශාවට මීටර් 120ක් පමණ ගොස් පීල්ලවත්ත පාර හමුවන තෙක් ද එතැන් සිට පීල්ල වත්ත පාරේ නැගෙනහිර මායිම ඔස්සේ මීටර් 700ක් පමණ මීගමුව මිණුවන්ගොඩ පාර හමුවන තෙක් ද එතැන් සිට මීටර් 50ක් මහා පාරේ දකුණු මායිම ඔස්සේ මීගමුව දෙසට ගොස් හමුවන කිලෝමීටර් 7/3 බෝක්කුව දක්වා ද එතැන් සිට මඩවල හා කලදුගොඩ ගම් මායිම දිගේ දකුණු දෙසට මීටර් 2400ක් පමණ ගිය විට හමුවන ගමන්ගෙදර මංසන්ධිය දක්වා ද එතැන් සිට පොල්වත්ත හා හීනටියන ගම් මායිම ඔස්සේ නැගෙනහිර දෙසට මීටර් 4800ක් පමණ මිණුවන්ගොඩ කොටුගොඩ මහා මාර්ගය හමුවන තෙක් ද එතැන් සිට ඕපාත හීනටියන ගම් මායිම දිගේ මීටර් 2000ක් පමණ බටහිර දිශාවට ගොස් දඬුගම් ඔය දක්වා ද එතැන් සිට රාගම් පත්තුව හා දාසිය පත්තුව ගම් මායිම වන දඬුගම් ඔයේ මධ්‍ය රේඛාව දිගේ මීටර් 3000ක් පමණ දකුණු දිශාවට ගොස් කොටුගොඩ පාලම දක්වා ද එතැන් සිට නැවත දඬුගම් ඔය දිගේ ඇති ඉහත දැක්වූ පත්තු මායිම ඔස්සේ දකුණු දෙසට මීටර් 50ක් ගිය විට හමුවන කළුදණ්ඩාවල නොහොත් බෝලන්ද ඇළ මධ්‍ය රේඛාව කැපෙන ස්ථානය දක්වා.
දකුණට– එතැන් සිට බටහිර දෙසට මීටර් 600ක් පමණ කළුදණ්ඩාවල නොහොත් බෝලන්ද ඇළේ මධ්‍ය රේඛාව දිගේ ද එතැන් සිට උතුරු දිශාවට මිනුවනුගොඩ ජා ඇල මහා මාර්ගය හමු වන තෙක් කොටුගොඩ හා ඒකල – කුරුඳුවත්ත ග්‍රා.සේ.නි. කොට්ඨාස මායිම් වන මීටර් 400ක් පමණ වූ අභිමත රේඛාව ඔස්සේ ද එතැන් සිට මිනුවන්ගොඩ ජා-ඇල මහා මාර්ගයේ නැගෙනහිර මායිම දිගේ දකුණ බටහිර දිශාවට මීටර් 125ක් පමණ ගිය විට හමුවන ගුවන් හමුදා කඳවුරු පාර තෙක් ද එතැන් සිට ගුවන් හමුදා කඳවුරේ උතුරු මායිම දිගේ මීටර් 60ක් පමණ බටහිර දිශාවට ගොස් විදේශීය විදුලි සංදේශ ඉඩමේ නැගෙනහිර මායිම් වැට තෙක් ද එතැන් සිට විදේශීය විදුලි සංදේශ ඉඩමේ නැගෙනහිර මායිම් වැට ඔස්සෙ කළු ඔය හමුවන තෙක් උතුරු දිශාවට මීටර් 650ක් පමණ ද එතැන් සිට බටහිර දෙසට මීටර් 350ක් ගිය විට ඇති කළු ඔයේ මධ්‍ය රේඛාව දක්වා ද එතැන් සිට අභිමත රේඛාවක් වූ කොටුගොඩ ඒකල කුරුඳුවත්ත ග්‍රා.සේ.නි. මායිම දිගේ මීටර් 60ක් උතුරු දිශාවට ද නැවත බටහිර දිශාවට මීටර් 80ක් ද ගොස් කළු ඔයට වැටේ.
එතැන් සිට කළු ඔය මධ්‍ය රේඛාව දිගේ බටහිර දිශාවට මීටර් 2150ක් පමණ ගොස් රජ මාවත හමුවන තැන සිට දකුණු දිශාවට රජ මාවතේ නැගෙනහිර මායිම දිගේ මීටර් 800ක් පමණ ගොස් එතැන් සිට උදම්මිට උත්තමාරාමය තෙක් බටහිරට මීටර් 400ක් පමණ ගුරුපාරේ උතුරු මායිම ඔස්සේ ද එතැන් සිට දකුණට මීටර් 600ක් පමණ උදම්මිට අශෝකාරාමය තෙක් රජයට අයත් මහවත්ත ඉඩමේ වැටී ඇති ගුරු පාරේ බස්නාහිර මායිම ද එතැන් සිට දකුණට උදම්මිට කොටුගොඩ ගම්සභා මාර්ගය හරහා ඊරියඅගාරේ ඇළ තෙක් වැටී ඇති අභිමත රේඛාවක් වූ ඒකල කුරුඳුවත්ත ගම් මායිම ඔස්සේ මීටර් 550 ක්පමණ ද එතැන් සිට බටහිර දෙසට ඊරියඅගාර ඇළේ මධ්‍ය රේඛාව ඔස්සේ මීටර් 300ක් පමණ ද එතැන් සිට උදම්මිට කුඩහකපොළ ගම්සභා මාර්ගය තෙක් බටහිර දිශාවට මීටර් 350ක් පමණ ද එතැන් සිට ගම්සභා මාර්ගයේ නැගෙනහිර මායිමේ මීටර් 10ක් පමණ දකුණු දිශාවට ද එතැන් සිට මීටර් 300ක් පමණ බටහිර දිශාවට ද උදම්මිට කුඩහකපොළ ගම්මායිම වූ අභිමත රේඛාවක් ඔස්සේ පොතුවිල ඇළ නොහොත් බුංවල ඇළ තෙක් ද එතැන් සිට එම ඇළේ මධ්‍ය රේඛාව දිගේ උතුරු දෙසට මීටර් 400ක් පමණ ගිය විට හමුවන දඬුගම් ඔය තෙක් ද එතැන් සිට දඬුගම් ඔය මධ්‍ය රේඛාව දිගේ උතුරු දෙසට මීටර් 3000ක් දඬුගම් ඔය මීගමු කලපුවට වැටෙන ස්ථානය දක්වා දඑතැන් සිට මීගමු කලපු මායිම සහ ගොඩබිම ස්පර්ශවන රේඛාව වූ දාසිය පත්තු හා රාගම් පත්තු මායිම ඔස්සේ මීටර් 3200ක් ගිය විට හමුවන ජා-ඇල හා මීගමු කලපුව හමුවන ස්ථානය දක්වාද වේ.
බටහිරට- එතැන් සිට මීගමු කලපුව හරහා වැටෙන අභිමත රේඛාව දිගේ උතුරට මීටර් 9000ක් මීගමු නගරසභා සීමාව දක්වා ද එතැන් සිට මීගමු නගර සභා සීමාව දිගේ මීටර් 2000ක් නැගෙනහිර දිශාවට දිය හොඳ ඇළ හා මීගමු කලපුව හමුවන ස්ථානය දක්වා ද එතැන් සිට දිය හොඳ ඇළ මධ්‍ය රේඛාව දිගේ ඇති මහනගර සභා සීමාව ඔස්සේ මීටර් 1000ක් නැගෙනහිර දිශාවට දළුපොත ඇළ දක්වා ද එතැන් සිට උතුරු දෙසට දළුපොත ඇළ මධ්‍ය රේඛාව දිගේ ඇති මීගමු මහ නගර සභා සීමාව ඔස්සේ මීටර් 4725ක් පමණ ගිය විට ඇති ස්ථානය දක්වා ද එතැන්සිට මහහුණුපිටිය දළුපොත ග්‍රා.සේ.නි. කොට්ඨාස වෙන්වන අභිමත රේඛාව ඔස්සේ මීගමුව-ගිරිවුල්ල පාරේ කි.මී.1/5 බෝක්කුව දක්වා පැමිණේ එතැන් සිට උතුරු බටහිර දිශාවට දිවෙන මහා මාර්ගයේ නැගෙනහිර මායිම දිගේ මීටර් 700ක් ගිය තැන හමුවන තුංමංහන්දිය දක්වා ද එතැන් සිට උතුරු නැගෙනහිර දිශාවට ඇති මහා මාර්ගයේ දකුණු මායිම දිගේ මීටර් 450ක් ගිය තුන හමුවන තුංමංහන්දිය දක්වාද එතැන් සිට උතුරු බටහිර දෙසට දිවෙන මහා මාර්ගයේ උතුරු මායිම දිගේ මීටර් 610ක් පමණ ගිය විට හමුවන තුංමංහන්දිය දක්වාද එතැන් සිට දකුණු බටහිර දිශාවට ඇති මහා මාර්ගයේ උතුරු මායිම දිගේ මීටර් 700ක් පමණ ගිය තැන හමුවන අඩි 60පාරේ හතරමංහන්දිය දක්වා ද එතැන් සිට උතුරු බටහිර දිශාවට දිවෙන අඩි 60 පාරේ නැගෙනහිර මායිම දිගේ මීටර් 380ක් පමණ ගිය විට හමුවන තුංමංහන්දිය දක්වා ද එතැන් සිට වැලිහේන දක්වා ඇති මහා මාර්ගයේ නැගෙනහිර මායිම දිගේ මීටර් 700ක් පමණ ගිය තැන හමුවන අංක රහිත බෝක්කුව දක්වා ද එතැන් සිට උතුරු බටහිරට වැටී ඇති අගළ දිගේ මීටර් 1600ක් පමණ ගියතැන හමුවන එලයිට් සිනමා ශාලාව දකුණු දෙසින් දැනට ඇති පැරණි අගළ මත තනා ඇති මායිම් තාප්පය දක්වා ද එතැන් සිට මීගමුව හලාවත මහා මාර්ගයේ නැගෙනහිර මායිම දිගේ මීටර් 650ක් පමණ උතුරට යන විට මායිම්පාර දක්වා ද එතැන් සිට මායිම් පාරේ දකුණු මායිම දිගේ මීටර් 600ක් පමණ නැගෙනහිරට ගියවිට හමුවන පාතිමා පාරේ තුංමංහන්දිය දක්වා ද එතැන් සිට බට පත් ඇළ හමුවන තෙක් නැගෙනහිර දිශාවට මීටර් 350ක් පමණ අභිමත රේඛාවක් ඔස්සේ ගොස් එම අභිමත රේඛාව හා බටපත් ඇළ හමුවන තැනසිට උතුරු දිශාවට මීටර් 940ක් පමණ බට පත් ඇල මධ්‍ය රේඛාව ඔස්සේ ආරම්භක ලක්ෂය දක්වාත්,
සටහන– ඉහත කී මායිම් තුළ වැටෙන කටාන ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසයේ කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශය ඉහත ප්‍රාදේශීය සභා ප්‍රදේශයෙන් වෙන් විය යුතුය.