පිඹුරුපත් අනුමත කරගැනීම

පිඹුරුපත අනුමත කරගැනීම සඳහා පළමුව ඔබ කළ යුත්තේ ඔබට අයත් කටාන ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයට හෝ උප කාර්යාලයට (තෝප්පුව උපකාර්යාලය/ ආඩිඅම්බලම උපකාර්යාලට/රද්දොළුව උපකාර්යාලය) පැමිණ පිඹුරුපත් අනුමත කිරීමේ අයදුම්පත මිල දී ගැනීමයි.

දුරකථන අංක

ප්‍රධාන කාර්යාලය – 0312222575

ආඩිඅම්බලම උපකාර්යාලය – 0112252238

රද්දොළුව උපකාර්යාලය – 0112291571

කටාන උපකාර්යාලය – 0312240118

අයදුම්පත මිල දී ගැනීමේ දී පහත කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න

  • අනුමත කළ යුතු ඉඩමේ ඔප්පුව, පිඹුරුපත ඔබ සතු විය යුතුය
  1. ඔප්පුවේ ඡායා පිටපතක්
  2. අනුමත කළ යුතු පිඹුරුපතේ මුල්පිටපත හා ඡායා පිටපතක් (අවම බිම් ප්‍රමාණය පර්. 10ට නොඅඩු විය යුතුය)
  3. ඉඩමට අදාළ සියලු අනුමත මුල් පිඹුරුපත්වල ඡායා පිටපත්
  4. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
  5. අවසන් වරට ගෙවූ වරිපනම් ලදුපතෙහි ඡායා පිටපතක් යන ලේඛන ඔබ සතු විය යුතුය
  • අදාළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දේපළක් විය යුතුය
  • වරිපනම් ලේඛනයේ තම නම ඇතුළත් වී තිබිය යුතුය

පිඹුරුපත අනුමත කරගැනීමේ ක්‍රියාවලිය

සම්පූර්ණ කරන ලද ඉඩම් අනුබෙදුම් අයදුම්පත හා ඉඩමට අදාළ විමර්ශන පිඹුරුපත්හී ඡායා පිටපත්, ඔප්පු පිටපත, අනුමත කළ යුතු පිඔුරෙහි මුල් පිටපත්, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත, අවසන්වරට ගෙවන ලද වරිපිනම් ලදුපතෙහි පිටපත වරිපනම් අංශය වෙත භාර දීම

අයදුම් පත්‍ර ලේඛනගත කිරීම

වගකීම – වරිපනම් අංශය                                      කාලය දින 1-7 අතර

තාක්ෂණ නිලධාරී නිර්දේශය සඳහා යොමු කිරීම.

වගකීම – වරිපනම් අංශය                                      කාලය දින 1-7 අතර

තාක්ෂණ නිලධාරී නිර්දේශය සහිත ගොනු සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම.

වගකීම – තාක්ෂණ නිලධාරී                                  කාලය සති 02

අනුමත හා අඩුපාඩු ඉඩම් අනුබෙදුම් අයදුම්පත්‍ර පිළිබඳ දුරකථනයෙන් දැනුම් දීම

වගකීම – ගොඩනැගිලි අංශය                                            කාලය සති 1-2 අතර

File:OOjs UI icon download.svg - Wikimedia Commons අයදුම්පත