කටාන ප්‍රාදේශීය සභාවේ මෙහෙවර ප්‍රකාශය
කටාන ප්‍රාදේශීය සභාව සතු සම්පත් උපරිම ප්‍රතිඵල අත්වන අයුරින් යහපාලන සංකල්පය තුළ කළමනාකරණය කර නවීන තාක්ෂණය හා ඵලදායිතා ශිල්පක්රම භාවිතයෙන් සහභාගිත්වයෙන් හා විනිවිධභාවයෙන් ද කණ්ඩායම් හැඟීමෙන් ද යුතු ව සභාවේ දැක්ම සාධනය කර ගැනීම සඳහා අපේක්ෂිත ඉලක්ක ඔස්සේ සැලසුම් සහගතව ක්‍රියාකාරකම් මෙහෙය වීම
අපේ තතු
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, බටහිර සිමාවට ආසන්නව පිහිටි කටාන ප්‍රාදේශීය සභාව වනාහී උතුරින් මාඔයත් දකුනින් දඩුගම් ඹයත් නැගෙනහිරින් දිවුලපිටිය සහ මිණුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශත් බටහිරින් මීගමුව මහ නගර සභා සහ කටුනායක නගර සභා බල ප්‍රදේශත් මායිම් වන මුහුදු මට්ටමෙන් අඩි 07 ත් 10 ත් අතර උසින් යුතු විශාල තැනිතලා භූමියකි .
උෂ්ණ තෙත් කලාපිය දේශගුණික ලක්ෂණ සහිත කටාන බල ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 80 f 0 වන අතර සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 73.5 සිට 80 දක්වා වේ .
වර්ග කිලෝ මිටර් 65 ක් පමණ විශාලත්වයකින් යුතු මෙම ප්‍රදේශය පරිපාලන කටයුතු පහසු වන පරිදි උප කාර්යාල 04 කට බෙදා ඇත.
මෙම ප්‍රදේශයට ආවේණික කර්මාන්ත අතර කිඹුලපිටිය ආශ්‍රිතව පවත්වාගෙන යන ගිණිකෙළි නිෂ්පාදන කර්මාන්තය හැදින්විය හැකිය. පොල් වගාව ආශ්‍රිතව රා මැදිම , පැණි හා හකුරු නිපදවිම සහ කොහු ආශ්රිත කර්මාන්ත ක්‍රියාත්මක වේ .
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයේ පදිංචි කරුවන් ගෙන් විශාල පිරිසක් අපනයන සැකසුම් කර්මාන්ත ශාලා වල සේවයේ යෙදෙන්නන් වේ.
එමෙන්ම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ආශ්‍රිතවද ඍජු හා වක්‍ර රැකියා රාශියක් නිර්මාණය වි ඇත.
කටාන උතුරු සීමාවේ පිහිටි මා ඔය ආශ්‍රිතව වැලි හා මැටි කැපිමෙන් උළු හා ඩොල් නිෂ්පාදනය සිදුකෙරේ.
කටාන ප්‍රාදේශීය සභාව – ව්‍යාප්තිය
ඕතර පළාත උතුර ගම් සභාව
⇓
මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව – කටාන උප කාර්යාලය
⇓
ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාව
⇓
දිස්ත්‍රික් සංවර්ධන සභා කටාන උප කාර්යාලය
⇓
කටාන ප්‍රාදේශීය සභාව