පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය

පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය  (වැඩිහිටි / ළමා අංශ)

  1. අයදුම්පත් ලබා ගැනීම පිළිබද විමසීම. (දෙමංහන්දිය පුස්තකාලය-031-2226786/ආඬිඅම්බලම පුස්තකාලය-011-2254437/රද්දොළුගම පුස්තකාලය-011-2292161/ කටාන පුස්තකාලය-031-3131550)
  2. සාමාජික අයදුම්පතක් ලබා ගැනීම. (අයදුම්පත්‍ර ගාස්තුව රු.20.00කි)
  3. අයදුම්පතේ සඳහන් විස්තර අනුව නිවැරදිව ඉල්ලුම්පත සම්පූර්ණ කිරීම.
  4. ඇපකරු ලෙස කටාන ප්‍රාදේශීය සභාවට වරිපනම් ගෙවන්නෙකු ලවා අත්සන් කර ගැනීම.
  5. ග්‍රාම නිලධාරි මඟින් අයදුම්පත සහතික කරවා ගැනීම.
  6. ඇපකරු වරිපනම් ගෙවා ඇති බවට වරිපනම් අංශ භාර නිලධාරින් මඟින්සහතික කරවා ගැනීම.
  7. අදාළ සාමාජික මුදල් ගෙවීම. (ළමා සාමාජිකයන් සඳහා – රු.175.00 කි. වැඩිහිටි සාමාජිකයන් සඳහා රු.200.00 කි)
  8. සාමාජික කාඩ් පත ලබා ගැනීම.
  9. කාඩ්පත සඳහා පොත් දෙකක් බැහැරගෙන යාමට හැකිය.

* ප්‍රමාද වන එක් දිනයක් සදහා රු.3.00 බැගින් ප්‍රමාද ගාස්තු අය කෙරේ.

පොතක් නැතිවීම හෝ පොතකට අලාභහානි කිරීම

වසර 20 කට පෙර ප්‍රකාශිත පොත් සඳහාපොතේ වටිනාකම මෙන් තුන් ගුණයක චටිනාකම සහ 25% බැඳුම් ගාස්තු අයකෙරේ.

වසර 20 කට පසු ප්‍රකාශිත පොත් සඳහාපොතේ වටිනාකම මෙන් දෙගුණයක වටිනාකම සහ 25% බැඳුම් ගාස්තු අයකෙරේ.

පරිගණක සහ අන්තර්ජාල භාවිතය

පැයකට රු.50.00

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත උසස් පෙළ සිසුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීෙම්දී.

ලබා ගන්නා පිටපත් සඳහා  රු.65.00

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අන්තර්ජාලය ඔස්සේ ළමුන් ලියාපදිංචි  කිරීම රු.25.00

 

ඡායා පිටපත් සඳහා

A4 එක් පිටුවක්           රු.5.00         දෙපැත්ත    රු.10.00

A3 එක් පිටුවක් සඳහා රු.10.00       දෙපැත්ත     රු.15.00

පරිගණක මුද්‍රණ පිටපත් සඳහා

A4 කළු සුදු එක් පිටුවකට  රු.20.00  දෙපැත්ත රු. 30.00

A4 පාට එක් පිටුවකට        රු.30.00  දෙපැත්ත රු.50.00

 

අධ්‍යයන අංශ සාමාජික මුදල රු.25.00  ( මාස 6ක් සඳහා)