මහජන අවධානය සඳහා ප්රචාරක දැන්වීම් පළ කිරීමට අවසර ගැනීම
ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශනය සඳහා අවසර ලබාගැනීමේ දී,දැන්ව්ම් ප්‍රදර්ශනය කිරීම සඳහා අදාළ උප කාර්යාලයෙන් අයඳුම් පත්‍රයක් ලබාගැනීමේදී
එම අයදුම්පත්‍රය සමග අදාළ වන පරිදි පහත ලිපි ලේඛන අමුණා ඉදිරිපත් කළ යුතුය
- ප්රචාරක දැන්වීම ස්ථීර එකක් නම් එය සවිකරන්නට අදහස් කරන ස්ථානයේ අයිතිකරුගෙන් ලබාගන්නා කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය (එකී දැන්වීම නිවසක, කඩයක, හෝටලයක, බිත්තියේ, තාප්පයේ හෝ එවැනි තැනක අඳිනු ලබන්නේ නම් අදාළ ස්ථානයේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය)
- ප්රචාරක දැන්වීම ස්ථාවරව සවිකිරීම සඳහා භූමිය/අවකාශය යොදාගන්නා ආකාරය පිළිබඳ විස්තර
- ප්රචාරක දැන්වීමට අදාළ ආකෘතිය පැහැදිලිව ඉදිරිපත් කළ යුතුය. (අවසර පත්‍රය නිකුත් කිරීමෙන් පසු ආකෘතිය කෙසේවත් වෙනස් කිරීමට අවසර දෙනු නොලැබේ.)
- අදාළ දැන්වීම් ගාස්තු පිළිබඳ ආදයම් පරීක්ෂකගේ වාර්තාව ලබා ගැනීම
- ප්රචාරක දැන්වීම් සඳහා නියම කරන ලද ගාස්තුව ලේකම්/කාර්ය භාර නිළධාරි විසින් අනුමත කිරීම.
- ගාස්තු ගෙවීමෙන් පසුව බලපත්‍රය නිකුත් කිරීම
- අදාළ දැන්වීම සඳහා නියමිත බලපත්‍රය ලබාගෙන ඇති බව සනාථ කිරීම සඳහා අංකයක් සටහන් කිරීම හා සභාවේ නිල මුද්‍රාවක් තැබීම.
ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව කිසිඳු ස්ථීර හෝ තාවකාලික දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමෙන් වලකින්න.