ජල නල එළීමේදී ප්‍රාදේශීය සභා මාර්ග පළුදු කිරීමට අවසර ලබා ගැනීම – කටාන පාදේශීය සභාව
ජල සම්බන්ධතාව ලබා ගැනීම සඳහා මාර්ග පළුදු කිරීමට අවශ්‍ය වූ විටෙක දී ඒ සඳහා කටාන ප්‍රදේශීය සභාවෙන් අදාළ අවසරය ලබා ගත යුතුය. ප්‍රාදේශීය සභාවට පැමිණ හෝ කටාන ප්‍රාදේශීය සභා වෙබ් පිටුවේ බාගත කිරීම්හී අන්තර්ගත අයදුම්පත්‍රය සම්පූර්ණ කොට ඔබට අයත් ප්‍රාදේශීය සභා ප්‍රධාන හෝ උප කාර්යාලයට පැමිණ අදාළ විෂය භාර නිලධාරියා හමු විය යුතුය.
ක්‍රියාපටිපාටිය
ජල නල එළීමේදී මාර්ග පළුදු කිරීම සඳහා අවසර ලබා ගැනීම
මීගමුව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයෙන් ඔබ වෙත ලැබුණු ඉල්ලුම් පත්‍රය පෙන්වා ඔබට අදාළ ප්‍රාදේශිය සභා කාර්යාලයෙන් මාර්ග පළුදුව සඳහා වූ අයදුම් පතක් ලබා ගැනීම.
⇓
අයදුම් පත්‍රය සම්පූර්ණ කොට මීගමුව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයෙන් ඔබ වෙත ලැබුණු ඉල්ලුම් පත්‍රය සමග උපකාර්යාලයේ/ ප්‍රධාන කාර්යාලයේ තාක්ෂණික නිලධාරී වෙත භාර දීම.
වගකීම- තාක්ෂණික නිලධාරී කාලය- විනාඩි 10
⇓
අනතුරුව ඇස්තමේන්තුගත මුදලට අදාළව මුදල් ගෙවා ලැබෙන ලදුපත සමග සම්පූර්ණ කරන ලද ලියකියවිලි විෂය භාර නිලධාරී වෙත භාර දීම
වගකීම- ඉල්ලුම්කරු කාලය- විනාඩි 10
⇓
විෂයභාර නිලධාරී විසින් ලේඛන පරික්ෂා කොට බලා ලේකම් තමා/තුමියගේ සහතිකය සහිත අවසර පත්‍රය ඉල්ලුම්කරු වෙත ලබා දීම.
වගකීම- විෂය භාර නිලධාරී කාලය- විනාඩි 10
⇓
නිමාව