සැලසුම් පිටපත් 3න් හා අනුමත පිඹුරෙහි ඡායා පිටපත සමඟ සම්පූර්ණ කරන ලද ගොඩනැගිලිි
අයදුම්පත පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසු වරිපනම් අංශය වෙත භාර දීම
⇓
අයදුම් පත්‍ර ලියාපදිංචි කිරීම.
වගකීම – වරිපනම් අංශය කාලය දින 1-7 අතර
⇓
ආදායම් පරීක්ෂක නිර්දේශය සඳහා යොමු කිරීම.
වගකීම – වරිපනම් අංශය කාලය දින 1-7 අතර
⇓
වරිපනම් වාර්තා පරීක්ෂා කිරීම හා කාර්ය භාර නිලධාරී නිර්දේශ කිරීම.
වගකීම – වරිපනම් අංශය කාලය දින 1-2 අතර
කාර්ය භාර නිලධාරී
⇓
තාක්ෂණ නිලධාරී නිර්දේශ කිරීම.
වගකීම – තාක්ෂණ නිලධාරී කාලය සති 01
⇓
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ කිරීම.
වගකීම – මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාලය සති 01
⇓
නිර්දේශ සහිත අයදුම්පත්‍ර සැලසුම් කමිටුවට යොමු කිරීම.
වගකීම – ගොඩනැගිලි අංශය කාලය – ගොනු ලැබුණු පළමු කමිටු වාරය
⇓
අනුමත හා අඩුපාඩු ගොඩනැගිලි සැලසුම් අයදුම්පත්‍ර පිළිබඳ දුරකථනයෙන් දැනුම් දීම.
වගකීම -ගොඩනැගිලි අංශය කාලය දින 1-2 අතර