උපදෙස්
ගාස්තු ක්‍රමය
කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ | නේවාසික | ව්‍යාපාරික | කර්මාන්ත | ආගමික ස්ථාන (පන්සල්/පල්ලි/කෝවිල්) | රාජ්‍ය ආයතන/ රජයේ පාසැල් |
රු
3000.00 |
රු
5000.00 |
රු
10,000.00 |
රු
1000.00 |
රු
2000.00 |
|
කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන් පිටත | රු
5000.00 |
රු
6000.00 |
රු
10,000.00 |
රු
1000.00 |
රු
2000.00 |
මෙම ගාස්තු අදාළ වන්නේ එක් සේවා වාරයක් සඳහා පමණි.
කටාන ප්‍රාදේශිය සභා බල සීමාවෙන් පිටත දේපළ සඳහා පමණක් ප්‍රධාන කාර්යාලයේ සිට සේවා ලාභී ස්ථානයට ඇති දුර අනුව කි.මි1ට හෝ ඉන් කොටසකට රු 50 බැගින් අය කෙරේ.
කොන්දේසි
- සේවාලාභී ස්ථානයට ට්‍රැක්ටර් ගලි බවුසරය ළඟාවිය හැකි ස්ථානයක් විය යුතුය.
- ඉහත ගාස්තු ක්‍රමය යටතේ නියමිත මුදල අයදුම්පත භාරදෙන මොහොතේදීම අවශ්‍ය වාර ගණන අනුව ගෙවිය යුතුයි.
- සේවා සැපයීමේ දී සිදුවන අපහසුතා හැර සේවාලාභී අයදුම්කරුගේ තොරතුරුවල දෝෂ නිසා සිදුවන අපහසුතාවකදී නම් ගෙවූ මුදල ආපසු ගෙවනු නොලැබේ.
- වළේ ගැඹුර හා බවුසරය දක්වා අඩි 50-75 දක්වා වූ දුරකින් යුත් නළ පමණක් සැපයේ. ටැංකි ධාරිතාව ලීටර් 2500 කි. අවශ්‍ය වාර ගණන සඳහා වෙනම මුදල් ගෙවිය යුතුය.
- සේවා සැපයීමට පැමිණෙන සේවකයින්ට කිසිඳු බලපෑමක් හෝ අපහසුතාවක් නොවීමට වගබලා ගත යුතුය.
- ගැටලු සහගත තත්ත්වයක් මතු වුවහොත් සභාපතිවරයාගේ තීරණය පිළිගත යුතුය.
- ස්ථානයට අපහසුතාවකින් තොරව අදාළ රථයට ළඟා වීමට මග සැලසීමටත් ඉදිකිරීම්වලට ආපදාවක් වීමට ඉඩ නොතබා වළේ පියන ලිහිල් කර තැබීමටත් ඉවත් කිරීමට පහසුවන පරිදි ද්‍රව තත්ත්වයෙන් තිබේදැයි පරික්ෂා කර බැලීමටත් අයදුම්කරු වග බලා ගත යුතුය.
- එබඳු තත්ත්වයක් නිසා අවශ්‍ය කාර්ය සිදු කිරීමට නොහැකිව ආපසු ඒමට සිදුවුවහොත් ගෙවූ මුදල් ආපසු ගෙවනු නොලැබේ.
- සේවා ලාභියාගේ කිසිඳු අලාභයකට සභාව වගකියනු නොලැබේ.
- ස්ථානයට ළඟාවිය හැකි මාර්ගයේ දළ සටහන මෙහි දක්වා අත්සන යෙදිය යුතුය.
- වළ තුළට භූමිතෙල් හෝ වෙනත් තෙල් වර්ග දැමීමෙන් වැළකිය යුතුය.
ගලි බවුසර සේවාව ලබා ගැනීම
කාර්යය පටිපාටිය
ගලි බවුසරය ලබා ගැනීම සඳහා වූ අයදුම් පත්‍රය අදාළ ප්‍රාදේශිය සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
⇓
අනතුරුව අයදුම් පත්‍රය විෂය භාර නිලධාරී විසින් ගලි සේවා සැපයීමේ අයදුම්පත් අඩංගු නාම ලේඛනයට ඇතුළත් කිරීම
වගකීම- විෂය භාර නිලධාරී කාලය- විනාඩි 05
⇓
අයදුම් පත්‍රය සම්පූර්ණ කොට වරිපනම් ගෙවූ බවට වරිපනම් අංශයෙන් ලබා දෙන වාර්තාවත් සමඟ අයදුම්පත්රයත්, මුදල් ගෙවූ ලදුපතත් විෂය භාර නිලධාරී වෙත භාර දීම.
වගකීම- ඉල්ලුම්කරු කාලය- විනාඩි 10
⇓
නාම ලේඛනයට අනුව සේවාව සැපයීම.
වගකීම- විෂය භාර නිලධාරී කාලය- දින 07
⇓
නිමාව