පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම් කිරීම සඳහා 2000 අංක 53 සහ 1988 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත සහ ඒ යටතේ පවත්වන ලද රෙගුලාසි වලට අනුකූලව අංක 2264/18 දරණ වර්ෂ 2022 ක් වූ ජනවාරි 27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ “ඈ” කොටසේ නියමිත ව්‍යාපෘති ලෙස ප්‍රකාශිත ක්‍රියාකාරකම් 39 කට පමණක් බලපත්‍ර නිකුත් කිරීම,අළුත් කිරීම,අවලංගු කිරීම,ප්‍රතික්ෂේප කිරීම සහ අත්හිටුවීම සිදු කරනු ලැබේ.
පරිසර බලපත්‍ර නිකුත් කරනු ලබන කර්මාන්ත මෙතැනින්
පරිසර බලපත්‍රයක් ලබාගැනීමේදී ඔබ විසින් සපුරාලිය යුතු කරුණු:
-
අලුතින් බලපත්‍රයක් ලබාගන්නේ නම් -: කහ හෝ සුදු පාටින් යුතු අයදුම් පත්‍රයක් රු.100.00 ක මුදලක් ගෙවා ඔබ විසින් ලබාගත යුතුය.
-
ව්‍යාපරයක් ලෙස ලියාපදිංචි වී තිබේ නම් ව්‍යෘපාර නාම ලියාපදිංචි සහතිකය
-
වෙළඳ බලපත්‍රයේ ඡායා පිටපතක්
-
අනුමත මිනින්දෝරු සැලැස්මේ ඡායා පිටපතක්
-
කර්මාන්තය පවත්නා ඉඩමේ ඔප්පුවේ ජායා පිටපතක් / බදු ඔප්පුවේ පිටපතක් සහ අනුකූලතා සහතිකය
-
අනුමත ගොඩනැගිලි සැලසුමේ ජායා පිටපත අවශ්‍ය වේ.
-
කර්මාන්තය පිහිටි ස්ථානය දක්වන මාර්ග සටහන
සැලකිය යුතුයි :
- අලුතින් ලබාගන්නා පරිසර ආරක්ෂණ බලපත්‍රය සදහා පරීක්ෂණ ගාස්තුවක් කර්මාන්ත කරු විසින් ගෙවිය යුතුය
- පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර 03 අවසන් වීමට පෙර ලබා ගත යුතු අතර කල් ඉකුත් වීමට මාස 03 කට පෙර බලපත්‍රය අළුත් කිරීම සඳහා ආදාල ඉල්ලුම්පත්‍රය ලබා දිය යුතුයි.
පරිසර බලපත්‍ර සම්බන්ධව විමසීම් / ගැටළු යොමු කිරීම :-
0312222575/0753727531 – රන්දිමා මිය.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න මධ්‍යම පරිසර අධිකාරිය