වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම

සෑම වසරකම ඔබගේ ව්‍යාපාරය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වන අතර කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඔබට අයත් ප්‍රධාන කාර්යාලයට/උප කාර්යාලයට පැමිණ හෝ අන්තර්ජාලය ඔස්සේ වෙළඳ බලපත්‍රය සඳහා වූ අයදුම්පත් ලබා ගත හැකිය. අයදුම්පත භාර දීමේදී ද ඔබට අයත් ප්‍රධාන කාර්යාලයට/උප කාර්යාලයට යා යුතුය. සතියක් තුළ වෙළඳ බලපත්‍රය ඔබට ලබාගත හැකි අතර අයදුම්පත භාර දී සතියක් ගත වූ තැන දුරකථන මාර්ගයෙන් වැඩිදුර තොරතුරු හෝ බලපත්‍රය නිකුත් වී ඇතිදැයි දැනගත හැකිය.

වෙළඳ බලපත්‍රය සඳහා අයදුම්පත සම්පූර්ණ කිරීමට,

කර්මාන්තය/වෙළඳාම හිමිකරුගේ නම

පෞද්ගලික ලිපිනය

ජාතික හැඳුනුම්පත් අංකය

දුරකථන අංකය ජංගම/නිවාස

කර්මාන්තයේ/ව්‍යාපාරයේ නාමය

කර්මාන්තයේ/ව්‍යාපාරයේ ස්වභාවය

කර්මාන්තයේ/ව්‍යාපාරය කරන ස්ථානයේ,

  • ලිපිනය
  • වීථියේ/පාරේ නම
  • වරිපනම් අංකය
  • දුරකථන අංකය
  • කර්මාන්තය/ ව්‍යාපාරය කරගෙන යන ස්ථානය අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංකය,    කොට්ඨාසයේ නම
  • ව්‍යාපාර නාම ලියාපදිංචිය ලබාගෙන ඇත්නම් එහි යොමු අංකය

කර්මාන්තය/ ව්‍යාපාරය කරගෙන යන ස්ථානයේ කළමණාකරුගේ/නියෝජිතයාගේ නම

  • ජාතික හැඳුනුම්පත් අංකය
  •  දුරකථන අංකය ජංගම/නිවාස

තොරතුරු සැපයිය යුතුය.

ව්‍යාපාරයේ ස්වභාවය අනුව ගාස්තු අය කෙරේ.

Download symbol | Free Iconඅයදුම්පත