ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි ඉල්ලුම්පත්‍රයක් අනුමත කිරීමේ ක්‍රියා පටිපාටිය

සැලසුම් පිටපත් 3න් හා අනුමත පිඹුරෙහි ඡායා පිටපත සමඟ සම්පූර්ණ කරන ලද ගොඩනැගිලිි

අයදුම්පත පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් පසු වරිපනම් අංශය වෙත භාර දීම

අයදුම් පත්‍ර ලියාපදිංචි කිරීම.

වගකීම – වරිපනම් අංශය                                      කාලය දින 1-7 අතර

ආදායම් පරීක්ෂක නිර්දේශය සඳහා යොමු කිරීම.

වගකීම – වරිපනම් අංශය                                      කාලය දින 1-7 අතර

වරිපනම් වාර්තා පරීක්ෂා කිරීම හා කාර්ය භාර නිලධාරී නිර්දේශ කිරීම.

වගකීම – වරිපනම් අංශය                                      කාලය දින 1-2 අතර

                             කාර්ය භාර නිලධාරී

තාක්ෂණ නිලධාරී නිර්දේශ කිරීම.

වගකීම – තාක්ෂණ නිලධාරී                                  කාලය සති 01

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ කිරීම.

වගකීම –  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී                                   කාලය සති 01

නිර්දේශ සහිත අයදුම්පත්‍ර සැලසුම් කමිටුවට යොමු කිරීම.

වගකීම – ගොඩනැගිලි අංශය                                       කාලය – ගොනු ලැබුණු පළමු කමිටු වාරය

අනුමත හා අඩුපාඩු ගොඩනැගිලි සැලසුම් අයදුම්පත්‍ර පිළිබඳ දුරකථනයෙන් දැනුම් දීම.

වගකීම -ගොඩනැගිලි අංශය                                             කාලය දින 1-2 අතර

පොදු කොන්දේසි

  1. ගොඩනැගිලි සැලැස්ම වර්ග අඩි 3000 ට වැඩි නම් වරලත් ඉංජිනේරුවරයෙකු හෝ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු අත්සන් කල යුතුය.

  2. ගෘහස්ථ වාණිජ අනුව පෙරසැරි ගාස්තු ගෙවිය යුතුය. අදාළ ගාස්තු ගෙවීමෙන් පසු ලදුපතක් නිකුත් කර අයඳුම්පත ගේඛනගත කෙරේ.

  3. අදාළ ගාස්තු ගෙවීමෙන් පසු ලදුපතක් නිකුත් කර අයඳුම්පත ලේඛන ගත කෙරේ.

  4. ප්‍රාදේශීය සභාව මඟින් පනවා ඇති ගොඩනැගිලි සීමාවන් තුළ කිසිදු ඉදිකිරීමක් නොකළ යුතුය.